Tuesday, January 9, 2018

ගණ දෙවියන්..

1.ගණ දෙවියන් ...




                                       ගණපති ,ගණේශ්වර ,ලඹෝදරා, ගණේෂ්,ඒකදන්ත,ගණදෙවි යන නාමයන්ගෙන් හදුන්වනු ලබන මෙතුමන්ගේ පියා ලෙස ශිව දෙවියනුත් මව පාර්වතී දේවියත් බාල සොහොයුරා ලෙස කතරගම දෙවියනුත් සලකයි.මොහුට තව සොහොයුරෙක් සිටි අතර අයියරත්ත ලෙස ඔහු හදුන්වයි.තීක්ෂණ බුද්ධියකින් හෙබි දෙවියෙකු ලෙසත් අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කටයුතු කරන දෙවියෙකු ලෙසත් ගණදෙවියන් හදුන්වයි.ගණදෙවියන්ගේ වාහනය ලෙස සලකනු ලබන්නේ මීයායි. ඊශ්වර දෙවියන් තම පුතුන් තිදෙනාට ලංකාව තුනට බෙදා වෙන් කර පාලනය කිරීමට ලබා දුන් අතර ගණ දෙවියන්ට උතුරු පෙදෙස ලබා දුන් බව දේව පුරාණයේ දැක්වේ. 
                                          ගණ දෙවියන්ගේ ස්වරූපය පිළිබඳව ජන කතාවන්ගේ දැක්වේ.කතරගම දෙවිදුන් වල්ලි අම්මා කැමති කරවාගැනීමට ගණ දෙවියන්ගෙන් උදව් ඉල්ලුවේය.එහිදී ගණ දෙවියන් වල්ලි අම්මා තැති ගැන්වීමේ අරමුණින් මවාගත් ස්වරූපය වෙනස් කරගැනීමට නොහැකි වන අයුරින් තැබීමට කතරගම දෙවිදුන් කටයුතු කර තිබේ.එසේ සිදු කර ඇත්තේ ගණ දෙවියන් රූමත් නිසා වල්ලි අම්මා එතුමන්ට කැමති වේයැයි සිතා’යි යනුවෙන් ජන කතාවන්ගේ සඳහන් වේ.කෙසේ වෙතත් අවසානයේ බියට පත් වූ වල්ලි අම්මා උදව් බලාපොරොත්තුවෙන් කතරගම දෙවියන් ළඟට ගිය බව සඳහන්ය.





                        ඉගෙනීම් කටයුතුව නිරතවන බොහෝ දෙනෙකු ගණ දෙවියන්ට වන්දනාමාන කරනු ලබයි.අනෙකුත් දෙවිවරුන්ට මෙන් ගණ දෙවියන්ට වන්දනාමාන කිරීම සඳහා වේලාවක් නොමැත.ඕනෑම අයෙකුට පහසු වේලාවක වතාවත් සිදු කිරීමට හැකිය.ගණ දෙවියන් වන්දනාමාන කිරීමේදී පහත දේවල් තැබීම සුවිශේෂී බව සදහන් ය.













ගණ දෙවියන්ට වඳින ගාථාව









11 comments: