Wednesday, January 10, 2018

2.කතරගම දෙවියන් ...


2.කතරගම දෙවියන්..




                                           ස්කන්ධ කුමාර,කඳ කුමරුන්,මුරුගන් යන නම් වලින් කතරගම දෙවියන් හඳුන්වනු ලබයි.කතරගම දෙවියන් පිළිබඳ ඓතිහාසික කතාව මෙසේය.හින්දු පුරාණයට අනුව එතුමා ශිව පාර්වතී දෙදෙනාගේ පුතු . ශිව දෙවි මහා බලවත් මන්තරයක් දැන සිටියේය. එම මන්තරය මතුරා යමෙකුගේ හිසට අත තැබුවොත් ඔහු දැවී අළු වන්නේය. භෂ්ම නම් අසුරිදු ඉසිවර දෙවිගෙන් මේ මන්තරය කෙසේ හෝ උගෙන ඊෂ්වරයන්ම නැසීමට තැත් කළේය. ඊශ්වර බිය වී සක්වල වටා දුවන විට විෂ්ණු දෙවි කාන්තා වෙසක් ගෙන භෂ්ම ඉදිරියේ පෙනී සිටියාය. ඇය දුටු භෂ්ම කෙරේ රාග සිත් පහළ විය. විෂුණු ලලනාව තමා අත නොහරින බවට හිස අත තබා දිවුරන්නැයි භෂ්මට කීවේය. භෂ්ම එසේ කරත්ම ඔහු  අළු වී ගියේය

                                                     භෂ්ම තමා පසුපස නො එන බැවින් ආපසු එන ඊෂ්වර තෙමේ විෂ්ණුගේ ලලනා ස්වරූපය දැක ඇය විවාහ කර ගන්නට කැමැත්ත පළ කළාය. විෂ්ණු ලලනාව උමයංගනාවගෙන් අවසර ගෙන එන ලෙස ඊෂ්වරට පැවසීය. ඊෂ්වර උමාගෙන් අවසර ගෙන එන විට දරුවෙකු සමඟ සිටියාය.ඇය පැවසුවේ දරුවෙකු හා තමා බාරගන්න කැමති දැයි උමයංගනාවන්ගෙන් අවසර ලබා ගෙන එන ලෙසයි.ඊෂ්වර කැමැත්ත ලබා එන විට ළමයින් දෙදෙනකු සිටියාය. ඇය පැවසුයේ නැවත ගොස් ළමයින් දෙදෙනකු හා තමා බාර ගැනීමට අවසර ලබා ගෙන එන ලෙසයි. මෙලෙස හය වරක් සිදුවිය. මේ විස්මය දැකීමට උමා මෙවර ඊෂ්වර දෙවි සමඟ පැමිණියාය. දරුවන් දැක උදම් වූ ඇය කුමාර කන්දක් යෑයි පවසා ඔවුන් සියල්ල වැළඳ ගත්තාය. සමඟ එක් ශරීරයක් , මුහුණු සයක් හා අත් දොළසක් සමඟ කඳ කුමරු පහළ වූ බවත්, යුද්ධයේ දක් මේ දෙවිඳු සූරයන්ට සතුරු වූ අයුරින් මරා දමා ජයගත් බවත් දේව සේනාපති බවත් කඳ කුමරු පිළිබඳ එක් පුරාණ කතාවකි.







                                                   කතරගම දෙවියන්ගේ වාහනය මයුරා ය.අත් දොළසක් සහ මුහුණු සයක් ඇත.හින්දූ බැතිමතුන් ඉතාමත් භක්තියෙන් යුතුව කතරගම දෙවියන්ට වතාවත් කරයි.කතරගම දෙවිදුන්ගේ ආයුධය වේලායුධ නම් වේ.මූලික දේවාලය කතරගම පිහිටා ඇති අතර අනෙකුත් දෙවිවරුන්ට වඩා වැඩි දේවාල සංඛ්‍යාවක් මෙතුමන් නමින් දිවයින පුරා පිහිටා ඇත.සිංහල ,දෙමළ පමණක් නොව වැදි ජනයා අතරද කඳ කුමරුන් ප්‍රසිද්ධ ය.                                         අනුරාධපුර යුගයේදී රුහුනේ මාගම විසූ ගැමුණු කුමරයා මැණික්‌ නදී තෙරෙහි පෙහෙවස්‌ සමාදන්ව භාවනානුයෝගීව සිටියදී කතරගම දෙවිදුන් ඔහු හමුවෙහි පෙනි සිට බුදුසසුන වනසන එළාර රජුට එරෙහිව නොබියව සටන් වදින ලෙසත් තමන් නිරතුරුවම ඔහුගේ සහායට පැමිණෙන බවත් සඳහන් කළැයි ජන ප්‍රවාදයෙහි සඳහන් වේ.                                               දුටුගැමුණු රජු විසින් දැන් කතරගම දෙවොල පවතින ස්‌ථානයෙහි එම දෙවොල මුලින්ම ගොඩ නගන ලද්දේ ද මෙයට කෘතගුණ දැක්වීමට යෑයි සැලකේ.     


                         

                සිංහල දෙමල මුස්ලිම් යන ප්‍රධාන ජාතීන්ද සියළු ආගමිකයන්ද  කතරගම වන්දනා කරති. එය සර්ව ආගමික මධ්‍යස්ථානයකි.                                                             

                                  කාචරගම (කතරගම) යෙහි මහා ස්‌ථුපය (කිරිවෙහෙර) පිහිටන බිමෙහි සමවත් සුවෙන් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ මහා ඝෝෂා නම් දෙවියෙකුට මතු සසුන බබුළුවන එම බිම ආරක්‌ෂා කරන්නැයි පැවරූ බව ධාතුවංසයේ සඳහන් වේ. මේ මහා ඝෝෂ දෙවිඳුන් කඳ සුරිදුන්ම බව විශ්වාස කළ හැකිය.  සියලු ලාංකිකයෝ මෙම දෙවිදුන්ට හිතාදර භක්‌තියකින් යුතුව පූජෝපහාර පවත්වන අතර තම දුක්‌ ගැනවිල්ලෙහිලා පිහිටට එන ආරක්‌ෂකයාණන් කෙනෙකු ලෙස පිළිගනියි.                        

                                                    කතරගම දෙවියන් බවට පත්වූ ඉන්දියාවේ සිටි මහා රණශූර දෙවියකු වූ කන්දස්‌වාමි භාරතයේ උපත ලබා සිටි ඈත භවයන්හි ඔහුගේ භාර්යාව වශයෙන් සිටියේ වල්ලි අම්මාය. මේ දෙදෙනා අතර තිබුණ ස්‌නේහවන්ත බැඳීම ඉතා ශ්‍රෙෂ්ඨ එකක්‌ විය. නමුත් මේ දෙදෙනාගේ උත්පත්තිවල වෙනස්‌වීම් කිහිපයක්‌ පසුව ඇති විය.   කන්දස්‌වාමි දිව්‍ය ආත්මය ලැබුවාට පසුව ඔහුට සුර අසර යුද්ධයටද සහාය වීමට සිදුවිය. කන්දස්‌වාමීන්ද සුර අසුර යුද්ධයේ දී මහා විස්‌කම්පෑ දෙවියකු බවට පත්විය.                                

                                        සුර අසුර යුද්ධයෙන් සුරයන් ජය ගැනීමෙන් පසුව කන්දස්‌වාමි දෙවියන්ට වල්ලි අම්මා පිළිබඳ මතකය මනසට ආවේය. පෙරකල කුසල් බලය නිසා අදි මානසික තත්ත්වයක්‌ තිබුණ දෙවියකු වූ ඔහු අධික මානසික ශක්‌තිය මෙහෙයවා වල්ලි අම්මාව සෙව්වේයවල්ලි අම්මා සෙල්ල කතරගම වැදි ගෝත්‍රයක උපත ලබා සිටින බව ඔහු දුටුවේය. කන්දස්‌වාමි වහා ලංකාවේ සෙල්ල කතරගම වෙත ආවේය. නමුත් වැදි සිරිත අනුව පිටස්‌තරයකුට වැදි තරුණියක හමුවිය නොහැකි විය. වැදි ගෝත්‍රිකයෝ ඉතාමත් නපුරු ප්‍රචණ්‌ඩ දරුණු අය වූහ. ඒ නිසා කන්දස්‌වාමි ඉක්‌මන් නොවූහ.                                                                             

                                                 වැදි රැළ දඩයමේ යන තුරු බලා සිටි කන්දස්‌වාමි හෙමින් සීරුවේ වල්ලි අම්මා සිටි පැලට ගියේය. අධි මානසික ශක්‌තියක්‌ තිබුණු වල්ලි අම්මා කන්දස්‌වාමි හඳුනා ගත්තාය. වැඩිහිටි කන්දේ අතු පැලක නතර වුණු කන්දස්‌වාමි නිතර වල්ලි අම්මා බලන්නට ගියේය. එහෙත් බලය යොදා ඇයව පැහැරගෙන යැම නින්දාවක්‌ සේ සැලකුවේය. දිනක්‌ මහ රෑ වැඩිහිටි කන්දේදී වැදි රංචුව කන්දස්‌වාමිව කොටුකර ගත්තේය.                                                           

                                   වැදි කෙල්ලක්‌ සමග හාදකම් පවත්වා මේ පිටස්‌තරයා තමන්ට අවමන් කළ බව වැදි රංචුවේ චෝදනාව විය. මහා ගෝරනාඩුවකින් පසුව වැදි රංචුව සමාදානයකට එන්නට කැමැති විය. ඔවුන්ගේ තීරණය වූයේ තමන්ට කළ අපහාසයට කන්දස්‌වාමි විසින් වසරකට වරක්‌ කප්පමක්‌ ගෙවිය යුතු බවයි. කන්දස්‌වාමි එකඟ වී පළමු කප්පම ගෙවා වල්ලි අම්මා සමග ඉන්දියාව බලා ගියේය.                             

                             ඉන්පසු බුදුන්වහන්සේ සමග කතරගමට පැමිණි කන්දස්‌වාමි ප්‍රබලත්වයට පත්වී කතරගම දෙවි නමින් මහා ප්‍රසිද්ධියට පත්විය. කන්දස්‌වාමි ප්‍රබල දෙවි කෙනෙකු බව දැනගත් සෙල්ල කතරගම වැදි රංචුවේ පරම්පරාවේ වැද්දෝ කතරගම ඇසළ මහා පෙරහැර ඇරැඹීමෙන් පසුව කතරගම දෙවියන්ගෙන් ලැබුණු කප්පම පිළිබඳව පුවත මහා පෙරහැරේ ඉදිරිපත් කරන්නට අවසර ලබා ගත්හ. ඈත අතීතයේ පටන් කතරගම ඇසළ මහා පෙරහැරේ මේ සිද්ධිය රඟ දැක්‌වෙයි. නමුත් ඒ බව දන්නා අය විරලය. 








2 comments: