Saturday, January 13, 2018

5.විෂ්ණු දෙවියන්...


5.විෂ්ණු දෙවියන්... 



                                          විෂ්ණු දෙවියන් මෙරට දේශිය සතරවරම් දේව කණ්ඞායම පත්විම මෙරට නිරිත දිග ශිෂ්ටාචාර සමය ආරම්භයත් සමග සිදු වි ඇතිබව පෙනේ. මහාවංශයේ දැක්වෙන්නේ බුදුරදුන් වදාළ මෙහෙවරින් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ශ්‍රි ලංකාව ආරක්ෂා කිරිම සඳහා භාර දී ඇත්තේ උන්වහන්සේටය. එමෙන්ම ශක්‍ර දේව අණ පරිදි පරිබ්‍රාජක වේෂයෙන් මෙහි පැමිණි විෂ්ණු දෙවියන් විජය ඇතුලු පිරිසට පිරිත් පැන් ඉස ආරක්ෂාව පිණිස ඔවුන්ගේ අත්හි පිරිත් නුල් බැඳ ඇත. මේ අනුව විෂ්ණු දෙවියන් බෞද්ධයෙකි. එසේම මයුර සංදේශයේ සදහන්වන පරිදි බුද්ධත්වය ලබා ගන්නා මොහොතේ එය වැලැක්විම සදහා පැමිණි මාර සෙනග දුටු අනෙකුත් දෙවිවරු පැන දුවද්දි ඔවුනට නොබියව මුහුණ දි ආරක්ෂාව සපයා දි ඇත්තේ විෂණු දෙවියන්ය
                                    එමෙන්ම මහාවංශ ටීකාවේ දැක්වෙන ලෙස මෙම දෙවිඳු මෙරටට පැමිණෙන විට ලාට දේශයේ පිදුම්ලත් දෙවි කෙනෙකි. මෙසේ මතයන් රාශියක්ම පැවතුනත් වර්තමාන ලංකා සමාජයේ විෂ්ණු දෙවියන් ඉහළින් සිටි. හත්වන සියවසේ මධ්‍ය භාගයේ දකුණු දිග ප්‍රදේශයේ විෂ්ණු දෙවියන් දේවාලයක් ඉදිවී දේව ප්‍රතිමාවක්ද නිර්මාණය වී තිබූ බවට පූජාවලියේදැක්වේ.උපේන්ද්‍ර,දාමෝධර,ගෝවින්ද,කේෂව,ජගන්නාථ,ක්‍රිෂ්ණ,මාධව,මධූසූධන,නාරායන,ශ්‍රීධර ,උපුල්වන් වැනි  විශාල නම් සංඛ්‍යාවකින් විෂ්ණු හඳුන්වනු ලබයි. බුද්ධ සාසනය ආරක්ෂා කිරීමේ වගකීම ද විෂ්ණු දෙවියන් සතුය.

                                විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලාය.මෙම දෙවිඳුන් නිල් පැහැතිය.අත් සතරක් ඇත.යගදාවක් ,සුදර්ශන් නම් චක්‍රය,නෙළුම් මලක් සහ සංඛයක් අත්වල දරා සිටියි.ලක්ෂ්මි දේවියගේ ස්වාමියා ලෙසින් සලකන්නේ මෙම දෙවිඳුන්ය.ලංකාවේ බොහෝ ස්ථාන වල මෙතුමන් නමින් දේවාල ඉදිවී තිබේ.




ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ දස අවතාර ලොව පහළ වී ලෝ වැසියන් දුකින් මුදා ගත් අයුරු මෙසේ සඳහන් වේ.

1.මත්ස්‍යයාවතාරය
මුහුද ගොඩ ගැලූ විටෙක අති දැවැන්ත මාළුවකුගේ වේෂය මවාගෙන අනතුරුව මහත් බල සම්පන්න නෞකාවක් මවා මනු සහ සාමාජිකයන්ද සප්ත මහා සෘෂිහුද බේරාගෙන තිබේ.

2.කුර්මාවතාරය
ජල ගැල්මේදී නැති වූ අමෘතය මහා සාගරයේ ගිලෙමින් විශ්ව සවිය පෙන්වා ඇත.

3.වරාහාවතාරය
පොළව සමුදුර මත හෙළන්නට හැදූ හිරන්යාක් බලවත් අසුරයා මරන්නට සූකර (ඌරු) අවතාරයක් ගෙන දළෙන් ඇන මරා දැමූ අවතාරය මෙයවේ.

4.නරසිංහාවතාරය
සවස්කල මිනිස් රූපය සිරුරේ අඩක ද සිංහ රූපය සිරුරේ අඩකද මවා ගනිමින් ලොවට විණ කරන්නා වූ හිරත්යකෂිසු නම් අසුරයා දමනය කිරීමට ඔහුගේ පුත් "ප්‍රහ්ලාද" කළ ඉල්ලීමෙන් ජීවිතක්ෂය කිරීම මෙය වේ.

5.වාමනාවතාරය
බලී නම් අසුරයා ශක්තියෙන් කළ බොහෝ වැරදි නිසා අසුරයා වෙත ගිය විෂ්ණු දෙවිඳු තමාට තමාගේ තුන් අඩියකින් වැසෙන බිම් ප්‍රමාණයක් ඉල්ලා එය ලබාගෙන එක් වරම යෝධ ශරීරයක් මවා ගනිමින් විශ්වයම වසාලූයෙන් බලීට ඉතිරි වූයේ පාතාල ලෝකය පමණි.

6.පරශුරාමාවතාරය
පරශුරාම යනු පොරවක් අතින් ගත් තැනැත්තා යන අර්ථයයි. ජමදශ්නි නම් බ්‍රාහ්මණයා සතු සියලු වස්තුව පැහැරගත් කාර්තිවීර්ය නම් රජුව පරශුරාම අවතාරයෙන් සිටි විෂ්ණු දෙවිඳුන් විසින් මරා දමන ලදී.

7.රාමාවතාරය
රාමා - රාවන පුවතේදී දැක් වූ දක්ෂතා රාමාවතාරයෙන් කියවේ.

8.ක්‍රිෂ්ණාවතාරය 
ශ්‍රී විෂ්ණු දෙවිඳු ශ්‍රී ක්‍රිෂ්ණ  ලෙස ලොව පහළ වූ බවත් බටලී ගායනයට දක් වූ ක්‍රිෂ්ණ හා පෙමින් බැඳුණේ රාධා බවත් කියෑවේ. ද්වාරතා රාජ්යය ගොඩනගා ඇත්තේද ක්‍රිෂ්ණ විසිනි.


9.බුද්ධාවතාරය
ශ්‍රි විෂ්ණු දෙවියන්ගේ අවතාරයක් ලෙස බුදුරුවට වන්දනා මාන කිරීමට හින්දු භක්තිකයන් පෙළඹී ඇත. වර්තමානයේදී විෂ්ණු දෙවිඳු අදහන හින්දුවරු. බුදුන් වහන්සේගේ රුවද වැඳුම් පිදුම් සඳහා යොදා ගනී.

10.කල්කින් අවතාරය
කලියුගය අවසානයේදී සුදු අසෙකු අරා ගිනි දලු සහිත අසිපතක් ගත් පුරුෂයකු ලෙස ශ්‍රී විෂ්ණු දෙවිඳු අධර්මිෂ්ඨයන් වනසා සාධු ජනයා සුරක්ෂිත කොට යළිත් ලොව ධර්මය පිහිටු වන බව මෙයින් කියෑවේ.




විෂ්ණු දෙවියන්ට පින් දෙන ගාථාව
සම්බුද්ධ සාසනවරං යතිපුංගවංච
සම්පාලනාය පටිලද්දවරො මහිද්ධි
පුඤ්ඤානිමානි අනුමොදිය වාසුදෙවො
පාලෙතු මං සත්තසාතා හිතා වහන්තො



ශ්‍රී විෂ්ණු දෙවියන්ට සෙත් කවි

1. කරුණා හදකින් ලොව සනසන්නට
පුරනා බුදුකුරු දම් බැතියෙන් තුට
රමණා වේ සුරිදේ මෙගැතින් හට
රැගෙනා පින් සිරි සෙත් සලසන්නට

2. මහමෙත පතුර සත වෙත සෙත සැදීමට
නිසි යුත පෙරුම් දම් සපුරන බුදු බවට
සිරිමත නිලග සුරිදේ මේ ගැතින් හට
යහපත සැපත සලසා සුරකින් සොදට





                                    ක්‍රි.ව.1257 දී පමණ ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ පෙරහැර පේළි පෙරහැර හයකින් සහ රන්දෝලි පෙරහැරකින් වර්තමානයේදී පැවැත්වෙයි. දෙවිනුවර ඇසළ උත්සව සමයට බැතිමත්හු ඒ සඳහා කල් ඇතිවම පේ වෙති. මිදුලේ පාන් පැලක් බැඳ පහන් දල්වා බාරහාර වෙනුවෙන් පූජා කරන පඩුරු තබා උපුල්වන් දෙවියන්ට පිං දෙති. දෙවිනුවර ඇසළ පෙරහැරට කතරගම දෙවියන්ද වැඩම කරන බව බැතිමත්හු විශ්වාස කරති. සාම්ප්‍රදායානූකූල සිරිත් විරිත් අනුව නැකතට කප් සිටුවා මෙය ආරම්භ කරනු ලබති. කෝල්මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා හාල්කිරි දානයක් දේවියන් උදෙසා පූජා කිරීමෙන් වාර්ෂීක ඇසළ උත්සවය නිමාවට පත්කෙරේ. විශ්ණු දෙවියන් වෙනුවෙන් පුද පූජා පවත්වන ලංකාවාසී බැතිමත්හු වැල නොකැඩි ඇසළ උත්සව සමයේ ලංකාවේ දකුණු කෙළවර දෙවුන්දරට පැමිණෙති.  උපුල්වන් දෙවියෝ මතු බුදුවන බෝසත් දෙවිකෙනෙකු බවටද ජනපුවාදයේ එයි. ලක්දිව බුදු සසුන නොනැසී පවතින්නේ මෙම දෙවියන් නිසා බවද පැවසෙයි. 

5 comments: