Sunday, January 14, 2018

6.සරස්වතී දේවිය...

                                                 

 6.සරස්වතී දේවිය...





                    ඇය සාමාන්‍යයෙන් සුදු පැහැ ඇඳුම් ඇඳි, සරල අබරණ කිහිපයකින් සැරැසුණු කෙනෙකු ලෙස නිරූපණය කෙරේ. ඇය හිඳ සිටින්නේ සුදු නෙළුමක් මතය. ඈ අසල සුදු හංසයින් දකින්නට ලැබෙන අතර සුදු පැහැයෙන් නිරූපණය වන්නේ දැනුම සහ පිවිතුරු බව යි.දිය වෙන්කළ හැකි යැයි සැළකෙන හංසයා විසින් පෙන්වනු ලබන්නේ හොඳ සහ නරක/ විද්‍යාව සහ අවිද්‍යාව ගැන ඇය තුළ ඇති දැනුම යි.

                සරසවියගේ අත් සතරින් ඉගෙනීමේදි මනුෂ්‍ය පෞරුෂයේ පැති කඩ සතර පෙන්වන බව යි කියැවෙන්නෙ. එනම්, මනස, ආධ්‍යාත්මය, සිහිය සහ ආත්මාර්ථය යි. ඇය සිය අත් සතරෙ හි පොතක්, මුතුහරක්, කළසක් සහ වීණාවක් දරා සිටින අතර ඒවා මගින් පිළිවෙළින්,

        පොත - වේදය හෙවත් විද්‍යාව, දැනුම,
        මුතුහර - කාව්‍ය කලාව ,
        කළස - මැවීමේ සහ පවිත්‍ර කිරීමේ බලය,
        වීණාව - සංගීතය ඇතුළු කලාවන්ට ඇති අධිපති බව
                                                                     පෙන්නුම් කරයි.
                                  සරස්වතී දේව මෑණියන්ගේ උපත ගැන ජනප්‍රවාද වල කියවෙන ලස්සන කතා තිබේ. එක අදහසක කියවෙන්නේ බුදුරජාණන් වහන්සේ ගේ මුව පියුමෙන් සරස්වතී දේවිය පහළ වුනා කියලයි. තවත් තැනක කියවෙන්නේ සරස්වතී ගංඟාව අසලට වෙලා ආර්යයන් නිතර නිතර යාග හෝම පවත්වපු හින්දා මේ ගංගාව දේවත්වයට පත්වුනා කියලා. හැබැයි සරස්වතී මෑණියන්ගේ පහළ වීම සම්බන්ධව තියෙන ජනප්‍රියම කතාවේ හැටියට විශ්ණු දෙවියන් කිරිමුහුද කළඹපු වෙලාවෙදි මහා බ්‍රහ්මයාගේ භවනෙහි සරස්වතී දේවිය ඉපදුනා කියලා තමයි කියවෙන්නේ. මේ අයුරින් මේ ලෝකෙට පහළ වුන සරස්වතී මෑණියෝ කාගේ බිරිඳ දැයි යන්න ගැනත් විවිධ අදහස් විවිධ මත තියෙනවා.

                                        අතීත ජනකථා, ජනප්‍රවාද වල කියවෙන විදියට සරස්වතී මෑණියො මහා බ්‍රහ්මයාගේ දියණිය විදියට අඳුන්නනවා. වගේම මහා බ්‍රහ්මයාගේ බිරිඳ විදියටත් හඳුන්වන තැන් තියෙනවා. වගේම ඇය විෂ්ණු දෙවියන්ගේ එක් බිරිඳක් විදියටත් හඳුන්නනවා. විෂ්ණු දෙවියන්ගේ මුව මඬලේ ඇය වාසය කරනවා කියලා තමයි දේව පුරාණයේ කියවෙන්නේ. විෂ්ණු දෙවියන්ට සරස්වතී, ගංගා, ලක්ෂ්මි කියලා බිරින්දෑ වරු තුන්දෙනෙක් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් මේ තුන්දෙනා අතරේ හැමතිස්සෙම ප්‍රශ්න හින්දා විෂ්ණු දෙවියො තීරණයක් අරගන්නවා. ලක්ෂ්මී දේවිය මහා බ්‍රහ්මයාටත් භාරදීලා තිබේ.


  
          සරස්වතී දෙවඟනත් ඉගෙනීමත් අතර ඇති සබඳතාවය කෙතරම් දැයි කිව හොත් ඉපැරණි මුල් යුගයේ සිට භාරතීය සාහිත්‍යධරයෝ  සියලු කටයුතු ඇරඹුවේ සරස්වතී දේවිය සැමරීමෙනි.
             ක්‍රම ක්‍රමයෙන් මෙම සැමරීම අප රට තුළද පැතිරීමත් සමඟ පුරාණ සෘෂිවරුන් සරස්වතියගේ ආශිර්වාදයෙන් ශාස්ත්‍රාධිපතිත්වය ලබමින් ඉගෙනීම කටයුතු වල නියෑලෙන්නන්ගේ යහපත උදෙසා එම බලය ප්‍රයෝජනයට ගෙන සෙත සලසා ඇත.

             
                      අද එම ශාස්‌ත්‍ර නිසි ලෙස ප්‍රගුණ කළ මන්ත්‍රවේදීන් සරසවි දේවිය හා බැඳුණු වත් පිළිවෙත් පුද පූජා නිසි ලෙස ඉටු කරමින් බුද්ධිය දියුණු වී අධ්‍යපනයේ  ජය ලබා ගැනීම පිණිස තුළින් යහපත උදාකරමින් සිටී.

                   විශේෂයෙන්ම ඉගෙනගන්නා දරුවකුගේ එකී කටයුතුවලට බාධා පමුණුවන රාහු වැනි ග්‍රහයකුගේ බලපෑම් හමුවේ සිදුවන බාධා නසා නිසි පරිදි එම කටයුතු වල යෙදීමේ අවස්ථාව සරසවිය නැමදීමෙන් උදාකර ගත හැකි අතර කුඩා කළ සිට දරුවන්ව සරසවිය නැමදීමට හුරු පුරුදු කිරිමෙන් ඇයගේ ආශිර්වාදය පිහිට නොඅඩුව ලබා ඉගෙනීම් කටයුතු සඳහා බලපාන්නා වූ සියලු බාධක මග හරවා උසස්‌ අධ්‍යන කටයුතු සඳහා යොමු කිරීමේ වාසනාව උදාකර ගතහැකිය.කුසල කර්ම අවසානයේ දෙවියන්ට පිං අනුමෝදන් කිරීම ඉතා වැදගත් ය.

      

1 comment: