Tuesday, January 16, 2018

7.ලක්ෂ්මී දෙවඟන...



7.ලක්ෂ්මී දෙවඟන /ශ්‍රියා කාන්තාව 



                       ධනයට අධිපති දෙවඟන ලෙස සැලකෙන අතර වාහනය බස්සා ලෙසත් ඇතැම් මූලාශ්‍රවල හස්තියා ලෙසත් දක්වයි.විෂ්ණු දෙවියන් කිරි සයුර කැළඹීමේ දී ලක්ෂ්මී දෙවඟන පහළ වූවයැයි සැලකේ.ඇය රාමා, ඉන්ද්‍රා, මුනිශ්‍රී ,කමලිකා, නන්දිනී, පද්මාමුකී, පද්මමාලාධර දේවිය, පද්මා වැනි නම් වලින් හදුන්වනු ලබයි.විෂ්ණුගේ බිරිඳ ලෙසත් ලක්ෂ්මී සැළකේ.

                     අලංකාර ලෙස හැඳ-පැළඳ වරලස මනාව පීරා මල්මාලා චාමර සහිතව මල් දොරකින් පෙර දිගින් ඇය වඩින බව සමහර තැන්වල සඳහන් වෙයි. යම් කිසිවෙක් ධන  ධාන්‍ය සම්පතින් පිරිපුන් නම් ඔහු අසල සිරිකත සිටිතියි කියති.සම්පතට වාසනාව, ශ්‍රී සමෘද්ධියට, ශෝභාවට, යස ඉසුරට, දැකුම්කලු බවට අධිපතිනිය වශයෙන් සැලැකෙන ලක්ෂ්මී දෙවඟන පිදීමට හින්දු බැතිමත්තු බෞද්ධයෝ බොහෝ කාලයක සිට පුරුදුව සිටිති. ඇතැම් දේවස්ථානවල ලක්ෂ්මි දෙවඟන වෙනුවෙන් කැපවුණ දේවාල ඇත. ශුභ කටයුතු ආරම්භයේදී ලක්ෂ්මි දෙවඟනට පූජෝපහාර පැවැත්වීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති.දීපවාලී උත්සවයේදී හින්දූන් ඉතාමත් භක්තියෙන් ලක්ෂ්මී දෙවඟන පුදනු ලබයි.




ලක්ෂ්මී දේවිගේ බලපෑම් කේෂ්යත්‍රයන් අටක් ඔස්සේ සිදු වේ.

  •  ආදී ලක්ෂ්මී  - ලක්ෂ්මිගේ පළමු පහළ වීම
  •   ගජ ලක්ෂ්මී  -අලියා ධනයේ සලකුණ
  •   ධාන්‍ය ලක්ෂ්මී  -ධාන්‍ය ධනය
  •   ධෛර්යය ලක්ෂ්මී  -වීර්‍ය ධනය
  •   විජය ලක්ෂ්මී  -ජයග්‍රහණයේ ධනය
  •   සන්තාන ලක්ෂ්මී  -පරම්පරාව පවත්වාගෙන යාමේ ධනය
  •    විද්‍යා ලක්ෂ්මී  -අධ්‍යාපන ධනය
  •    ධන ලක්ෂ්මී  -මූල්‍යමය ධනය

ලක්ෂ්මී මතාව පිදීම.







10 comments: