Thursday, January 18, 2018

8.කාලි මෑණියන්...



8.කාලි මෑණියෝ...






                        පාර්වතී, උමා, ගිරි උමා, ජාමුණ්ඩා, දුර්ගා යන නම් වලින්ද හැඳින්වෙන ඇය ලාංකීය ජන විශ්වාසය අනුව භද්‍ර කාලි, මහාකාලි, පේන කාලි, වඳුරු කාලි, රීරි කාලි, සොහොන්කාලි, ගිනිකාලි වශයෙන් හත් කමිටුවක්ලෙසද හැඳින්වේ.ශිව හෙවත් ඊශ්වර දෙවියන්ගේ භර්‍යාව වන්නෙද මෙතුමියයි.කාලි මෑණියන්ගේ වාහනය ලෙස සලකන්නේ ව්‍යඝ්‍රයාය.හෙල්ල,කඩුව,දුනු ,ඊතල,ත්‍රිශූලය,නෙළුම් මලක්,යගදාවක්,සංඛයක් වැනි දෑ අත්වල දරා සිටියි.රූමත් බවින් අගතැම්පත් තැනැත්තියක් ලෙස දුර්ගා මාතාව හඳුන්වයි.

                                  නම ඇසූ පමණින් හිත ගත සසල කළ හැකි මහා තේජසකින් යුතුව අවුරුදු දහස්ගණනක්මුළුල්ලේ අප්‍රමාණ බැතිමතුන්ගේ දහසකුත් එකක්දුක්දොම්නස්දුරුකර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකර දීමෙන් ඉමහත් ගෞරව පූජෝපහාරයන්ට බඳුන් වූ මහා භද්‍රකාලි දේව මෑණියන්ට දේව නාමාවලියෙහි හිමිවන්නේ ඉහළම තැනකි. ශ්‍රී විෂ්ණු, කතරගම, සමන්, පත්තිනි, ඊශ්වර, මහා භද්‍රකාලී, දැඩිමුණ් දෙවිවරු සිරිලක මහේශාක්‍ය දේව මණ්ඩලයට අයත් වෙති. දේව උත්පත්ති කතාවලට අනුව මේ සියලු දෙවිවරුන් පැවත එන්නේ ඉන්දීය සම්භවයකිනි. මේ නිසා මහා භද්‍රකාලි හින්දු කෝවිල්වලට පමණක්සීමාවූ දෙවඟනක්ලෙස සමහරුන් දරන අදහස නිවැරැදි වූවක්නොවේ.



                                      පත්තිනි මෑණියන්ගේ අර්ධ දේව බලැති යක් සේවිකාවන් වන මොවුන් එකිනෙකාට වෙනස්වූ විවිධ බල ඇත්තියන් වේ. අනුව වඳුරු කාලි වසංගත රෝග පතුරුවන බවත් සොහොන්කාලි සොහොන්වල අරක්ගෙන සිටින බවත් භද්‍රකාලී දරු සම්පත් අහිමි අයට දරු සම්පත ලබා දෙන බවටත් අප රටේ ජනතාව තුළ දැඩි විශ්වාසයක්පවතී.



                                                                  

                          මේ සියලු කාලි මාතාවන් අභිබවා භද්‍රකාලි මාතාව වන්දනාමානයට ලක්වන්නේ ඇය බුදුන් සරණ ගිය උපාසිකාවන් ලෙසට ජනයා තුළ පවතින දැඩි විශ්වාසය නිසාය.මහා භද්‍රකාලි දේව මාතාව අසමසම දිව්‍ය තේජසක්දරන බැතිමතුන්ගේ ඉල්ලීම් වහා ඉටුකර දෙන මහේශාක්‍ය දිව්‍යාංගනාවකි. ස්‌ත්‍රීන්ගේ දුක්වේදනා දුරුකර දීමට විශේෂයෙන් භද්‍රකාලි මෑණියන් ක්‍රියා කරයි. එහෙත් පිහිට ලබා දීමේදී ජාති, ආගම්, කුල, වංශ, ස්ත්‍රී, පුරුෂ බේද කිසිවක්මෑණියන්ට නැත. භද්‍රකාලි දේවිය සතුන් බිලිදීම වැනි අමානුෂික පූජාවන්ට කිසිදු ප්‍රසාදයක්නොදක්වන අතර කිරි, තැඹිලි, අලුත් පලතුරු, වර්ණවත් සුවඳ මල්, සුවඳ වර්ග ආදී පිවිතුරු පූජාවන්ට ප්‍රි කරයි. මේ සියල්ලට වඩා නැති බැරි අසරණයන්ට හා සිල්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන්දී ශීල භාවනා වඩා පින්දෙන අයට මෑණියන්ගේ පිහිට ලැබේ.



                                            මහා භද්‍රකාලි දේවියට කළ නොහැකි කිසිවක්නොමැත" යන අභිධානය හිමිවීමට සුදුසුකම් ඕනෑවටත් වඩා තිබේ. බැතිමතුන් සැබෑවටම බැතිමත්නම් යහපත් නම් අනුන් ගැන කාරුණික නම් මෑණියෝ එබඳු අය කරන ඉල්ලීම් වහා ඉටුකර දෙති. සැබෑ භද්‍රකාලි බැතිමතුන් පිළිබඳව සාක්ෂි දරනු ඇත. ඕනෑම විපතක්දුරුකර සැපත ළඟාකර දීමට ආයුෂ තිබේනම් ඕනෑම දරුණු රෝගයක්සුවකර ජීවිතය ලබා දීමට මෑණියන්ට හැකියාව තිබේ. මෑණියන් පැහැදුනොත් ඕනෑම දෙයක්ඉටුකර දෙයි. සැබෑ බැතිමතුන්ගේ ඉල්ලීම් ක්ෂණික අවධානයට යොමු කරයි. මේ නිසා යහපත් මිනිසුන්ට භද්‍රකාලි දේවිය යනු කල්ප වෘක්ෂයකි. මේ මහානුභාව සම්පන්න දේව මාතාවගේ පිහිට පතා එන අයකුට සැබෑ භද්‍රකාලි දේව බලය සැබෑවටම දැක බලා ගත හැකි දේව මාලිගයක්ලෙසට වැල්ලවත්ත රෙදි මෝල අසල ඇති භද්‍රකාලි කෝවිල හැඳින්විය හැක. එහි සිටින පූජකවරුද බලි බිලි ආදී අනවශ්‍ය පූජා බැහැරකර මල්, පහන්, සුවඳ, පලතුරු, කිරි, තැඹිලි, ආදියෙන් ගෞරවනීය ලෙස පූජා පවත්වා මෑණියන්ට භක්ති පූජා කිරීම මේ අනුහස එම කෝවිල තුළ පැවතීමට හේතුවක්විය හැක. තමාගේ වාසිය පමණක්නොසිතා බැතිමත්ව කරන සාධාරණ ඉල්ලීම් නිසැකවම මෑණියන් ඉටුකරන නිසා සැබැවින් මහා භද්‍රකාලි යනු බැතිමතුන්ගේ මවක්හා සම කළ හැකිය.







                                     මන්ත්‍ර ශාස්‌ත්‍රයේ අතිශය දරුණු ක්‍රියාවලදී යොදා ගන්නා සොහොන් කාලිය භද්‍ර කාලි නොවුණද භද්‍රකාලි දේවියගේ බල ශක්තිය රැගත් වෙනත් දේවතාවියකි. මෙරට මෙන්ම ඉන්දියාවේද මන්ත්‍රධාරීන් විවිධ ආකාරයේ බිහිසුණු මන්ත්‍ර කටයුතු හා පුද පූජා මගින් සොහොන් කාලිය පහදවාගෙන දරුණු ක්‍රියාවල යෙදෙති. එහෙත් එය මාරක ක්‍රීඩාවකි. මහා භද්‍රකාලි යනු සොහොන් කාලි හෙවත් ස්මශාන් තාරා දේවිය නොවේ. එහෙත් අවශ්‍ය වූ විටක ඇයගේ බලශක්තිය යොදවා ඕනෑම සතුරකු වනසා දැමීමේ හැකියාව භද්‍රකාලි දේවිය සතු වේ. එවැනි දේ සඳහා යොදා ගනු ලබන්නේ මේ සොහොන් කාලි දේවිය හා ඇයගේ පරිවාර යක් සේනාවයි. භූත භූතේශ්වරී යන නම භද්‍රකාලි දේවියට ලැබී තිබෙන්නේ මේ නිසාය. ඇතැම් තන්ත්‍ර ග්‍රන්ථවල තිබෙන තොරතුරු වැරැදි ලෙස අර්ථකථනය කිරීම නිසා මන්ත්‍රකරුවෝ මහා භද්‍රකාලි ලේ පිපාසිත යක් දුවක්ලෙසට අර්ථ දක්වති. නමුත් භද්‍රකාලි දේවියගේ පිහිට ලැබීමට බිලි පිදීමෙන් හැකියාව නොලැබේ. ඒවායින් යකුන් පහදවාගෙන යම් දරුණු ක්‍රියා කළහැකි වන්නට පුළුවනි.

                                මෙවැනි දේ නිසා කාලි දේවිය පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර අනියත බියක්පහළව ඇත. මහා භද්‍රකාලි දේවිය යටතේ තවත් කාලි හත් කට්ටුවක්සිටින අතර සොහොන් කාලියද එයට අයත් වේ. යක් භූතාදීන්ට පමණක්නොව මේ කාලි හත් දෙනාද භද්‍රකාලි අණසකට යටත් වෙති. භද්‍රකාලි දේවිය අනෙකුත් දෙවිවරුන්ට වඩා ඉක්මනින් ක්‍රියාත්මකව ප්‍රතිඵල ලබා දෙන්නේත් තමාට එරෙහිවන තමා රවටන අයට තද දඬුවම් පමුණුවන්නේත් මේ ශක්තිය නිසාය. එම නිසා භද්‍රකාලි දේවිය රවටා පිහිට ලැබීමට යැම අවදානම් ක්‍රියාවකි.







3 comments: