Saturday, January 20, 2018

9.නාථ දෙවියන්...


9.නාථ දෙවියන්...





                     නාථ දෙවියන් මතු බුදුවන උතුම් දෙවි කෙනෙකුන් ලෙස සලකනු ලබයි.බෞද්ධයන්ගේ මහත් ගෞරවාදරයට පත් වූ නාථ දෙවිදුන්ගේ දේවාල රට පුරා පිහිටා තිබූ බවට ඉතිහාසයේ සඳහන් වේ.තිසර, ගිරා , සැවුළ් සංදේශවල නාථ දෙවිඳුන් ගැන සඳහන් වේ.තොටගමුව,වේගිරිය,පස්ගම,උරුලෑවත්ත,මහනුවර ,බෙල්ලන්විල ආදී ස්ථානවල ද නාථ දෙවියන්ගේ දේවාල පිහිටා ඇත.මහනුවර ශ්‍රී දළදා පෙරහැරට පසු ගමන් කරන්නේ නාථ දේවාල පෙරහැරයි.
                            තව්තිසා දිව්‍ය ලෝකයේ වෙසෙන නාථ දෙවියන් ධවල පැහැයෙන් යුක්තය.බිසව තාරා දේවිය.අවලෝකිතීශ්වර,මෛත්‍රී බෝධිසත්ව යන නම් වලින් ද නාථ දෙවියන් හඳුන්වනු ලබයි. නාථ දෙවියන් දුම්බර ප්‍රදේශයේ අධිපතිව සිටි බවක් ද සදහන් වේ.කඩවරයා රුහුණට පළවා හැරියේ නාථ දෙවිදුන් බවද මූලාශ්‍ර වල දැක් වේ.


                             තොටගමුවෙ විජයබා පිරිවෙනේ බුද්ධ රූපය ළඟින්ම නාථ දෙවියන් වැඩ ඉන්න බව පෙන්වයි. කන්දෙ විහාරෙත් එහෙමයි. එහි බුදු ගෙයි තියෙන දේවරූප දෙකෙන් එක් ප්‍රතිමාවක් නාථ දෙවියන්ගේය. මේවායින් තහවුරු වන්නෙ නාථ දේව වන්දනාව සිංහල බෞද්ධ ජනතාව අතර බොහෝ සෙයින් පැතිර තිබූ බවයි.


3 comments: