Wednesday, January 24, 2018

10.ශිව දෙවියන්...


10.ශිව දෙවියන්…



                                   ඊශ්වර,පශුපති,අග්නි,රුද්‍ර යන නම් වලින් ශිව දෙවියන් හදුන්වයි.පශුපති ලෙස හදුන්වන්නේ සත්වයන් ආරක්ෂාව සපයන නිසාවෙන් යැයි මතයක් පවතී.ඉන්දියානු සම්භවයක් ඇති දෙවි කෙනෙකුන් ලෙස ඊශ්වර දෙවියන් හදුන්වයි.ශිව දෙවිදුන්ගේ වාස භවන වන්නේ කෛලාසන කූඨයයි.මෙහි ධ්‍යාන ගතව වැඩ හිදින මෙතුමන් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු වලටත් සියළු විද්‍යාවන්ට හා නර්ථනයට අධිපති වන්නේ ය.


                          නිල් පැහැති ශරීරයක් හා ගෙලවටා ඇති නාගභරණයකින් සැරසී දිවි සමක් ඇද දිවි සමක් මත වාඩි වී සිටියි.සිය ආයුධය ලෙස ත්‍රිශූලය අත දරයි.වෘෂභ වාහනාරූඩව ගමන් යනෙන ශිව දෙවියන්ට නෙත් තුනක් පිහිටා ඇත.එයින් තෙවන නෙත නලල මත පිහිටා ඇති අතර එම ඇසින් අයෙක් දෙස බැලුවහොත් එම තැනැත්තා දැවී අළු වී යයි.


                         හින්දු භක්තිකයින් මහා දෙවියන් ලෙස හදුන්වන මෙතුමන් හට භාර්‍යාවන් තිදෙනෙකු සිටියි.ඒ පාර්වතී,උමයංගනා සහ ගංගා යන දේවියන්‍ය.පාර්වතී සහ ශිව දෙවියන්ගේ දරුවන් ලෙස කතරගම දෙවියන් හා ගණ දෙවියන් හදුන්වයි.ඊට අමතරව අයියනායක දෙවියන්ද මොවුන්ගේ දරුවෙක් වන අතර ශිව දෙවියන්ගේ අතින් මෙම දරුවා මැවූ බවත් එම නිසා ඒ නම ලැබුන බවත් පවසයි.සිල්වත් පුද්ගලයන්ට බොහෝ සෙයින් ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේ.යමෙකුට අස්වැසිල්ලක් අවශ්‍ය වූ  විට බුදුන් වැද ශිව දෙවියන්ට පිං අනුමෝදන්  කිරීම ඉතා සුදුසුය.


No comments:

Post a Comment