Wednesday, January 10, 2018

3.සුමන සමන් දෙවියන් ...




3.සුමන සමන් දෙවියන්...





      සිංහල බෞද්ධ ජනතාවගේ දැඩි ගෞරවයට, වන්දනාවට පත් වුනු දෙවි කෙනෙක්විදිහට සුමන සමන් දෙවියන්ව හඳුන්වන්ට පුළුවනි.සමන් දෙවියන් සමන් බොක්සැල් ,යක්ඛ සුමන,මහා සුමන නමින් හඳුන්වයි.

                          සමන් දෙවියන්ගේ රූපය දුටු ඕනෑම අයෙකුට එතුමාගේ ශාන්ත විලාසය දකින්න ලැබේ.ධවල වර්ණයෙන් යුත් ශරීරය,ස්වර්ණාභරණයන් හිස පැළදි මැණික් ඔටුන්න තේජස් බවක් පෙන්නුම් කරයි.මේ දෙවියන්ගෙ වාහනය සුදු ඇතෙක්‌. සුදු ඇතාට කියන තවත් නමක්තමයි ඇලි ඇතා.ඉතා දුර්ලබ වගේම හාස්කම් තියෙන හස්ති රාජයෙක්විදිහටනෙ මේ ඇලි ඇතා සළකනු ලබයි. නිසා සමන් දෙවියවන්ගේ ඇලි ඇතා බොහොම තේජවන්ත ඇතෙකු විය යුතුයි. සමන් දෙවියන් සුරතින් සුදු නෙළුම් මලකුත් දරාගෙන සිටියි. එවගේම  ඇතාගේ හොඬ වැලෙත් සුදු නෙළුමක්තිබේ. එහෙම නම් ස්ථීර වශයෙන්ම නෙළුම් මල් මුනි පුදට බව සිතිය හැකිය.

                                                කරුණා ගුණෝපේත මහා තෙද බල අනුහස් ඇති සමන් දෙවියන් ගැන මත කිහිපයක්ම සමාජය තුළ පවති.බුදුරජාණන් වහන්සේ වැඩි කාලයේ සමනල කඳු වැටි පෙදෙස් හි සිටි බලවත් දැහැමි ප්‍රාදේශීය රජෙකු බව එක් මතයකි.තවත් මතයක් වන්නේ සමන්තභද්‍ර නම් බෝධිසත්වයන් වහන්සේ සමන් දෙවියන් වූ බවයි.රාම කුමරුගේ සොයුරු ලක්ෂ්මණ ලක් සුමන නොහොත් සමන් දෙවිඳු වූ බව තවත් මතයකි. සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ මීට වඩා වෙනස්ම වූ මතයකි.එනම්වෛදික යුගයේ යම හෙවත්  ආටානාටිය සූත්‍රයේ දැක්වෙන යක්ඛ සුමන යනු සමන් දෙවිඳුන් බවයි.


                                          සිරීපාදයට අධිපති දෙවියන් ලෙස සලකනු ලබන්නේ සුමන සමන් දෙවියන් ය.එමෙන්ම සබරගමු පළාත භාර දෙවියන් ලෙසත් මෙතුමන් හදුන්වනු ලබයි.සමන් දෙවියන්ගේ ආරාධනාවෙන් වැඩම කරන බුදුරජාණන් වහන්සේ සමනල කදු මුදුනේ වම් සිරිපා පතුල පිහිටවූ බව ඉතිහාසයේ සඳහන් වේ.උදුවප් මාසයේ පොහොය දිනයට පෙර දින දේවාභරණ හා දේව ප්‍රතිමාව වැඩමවීමෙන් පසු ආරම්භ වන සිරිපා සමය වෙසක් පොහෝ දිනයෙන් අවසන් වන්නේ දේව ආභරණ ආදිය ආපසු වැඩමවීමෙන් අනතුරුවය.








                           බුදුන්ගේ පළමු ලංකා ගමනේ දී යක්ෂ කුලයේ පිරිසට ධර්මය දේශනා කරන විට සුමන දෙවිදුන් ද බණ අසා සෝවාන් වූ බව සඳහන් ය.බුදු බණ අසා සෝවාන් වූ එකම දෙවිඳුන් ලෙස මෙතුමන් හදුන්වයි.ජනයාට වන්දනාමාන කිරීමට බුදුරදුන්ගෙන් යමක් ඉල්ලූ සමන් දෙවිදුන්ට කේෂ ධාතු ලබා දීම ද  මෙදින සිදුවිය.ඉන්පසු මහියංගනයේ දාගැබක් තනවා එම කේෂ ධාතුන් තැන්පත් කරනු ලැබීය. 

                                  ලංකාව පුරා සමන් දේවාල පිහිටා ඇති අතර ඒ අතරින් රත්නපුර සමන් දේවාලය සුවිශේෂී වේ.මෙය සපරගමුවේ මාළිගාව නැතහොත් සබරගමුවේ මාළිගාව යන නමින් ද හදුන්වයි.වසරක් පුරා දෙවියන් වහන්සේට සිදු කරන ගෞරවයක් වශයෙන් සැප්තැම්බර් මාසයේ පෙරහැර පවත්වනු ලබයි.සිරිත් විරිත් වලට අනුකූලව හා  උත්කර්ශවත් අන්දමින් පෙරහැර පවත්වයි.මෙම පෙරහැරේ ඇති සුවිශේෂී අංගයක් ලෙස මහ බබා කෝලම හැදින්විය හැකි අතර අනෙකුත් කිසිම පෙරහැරක දක්නට නොලැබෙන ආවේණික අංගයක් ලෙස මෙය හදුන්වයි.බෝල්තුඹේ ,දැරණියගල,එල්ලක්කල,මහියංගනය නම් ස්ථානවල පිහිටි සමන් දේවාල වලදමේ ආකාරයෙන්  පුජෝපහාරයන් දක්වයි. 









සමන් දෙවියන්ට පිං අනුමෝදන් කිරීම - 

සම්බුද්ධ පාද වර ලාංජන සෝභිතම්හි
වාසෝ සමන්ත ගිරි මුද්දනී දේවරාජා
පුඤ්ඤාණු මොධිය ඉමං සුමනාභිදානෝ
පාලෙතු මං සතන සාත හිතා වහන්තු

සම්මා සම්බුදුගෙ - සිරිපා ලකුණ රකිමින්
සිටින දෙව් සමිඳුන් සිහිකරමි සෙත දෙනුව නිතියෙන්



    

                       ඔබ සුමනසමන් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ නම්, අනිවාර්යයෙන්  ඔබට ද ආශිර්වාදය ලැබෙනු ඇත. එවිට උන්වහන්සේගේ ඇත් පැටවා වහන්සේටද පින් අනුමෝදන් කරන්න.
( ඔබගේ ඇති නියම ශ්‍රද්ධාවට, සීලයට සහ කුසල් බලයට දෙවිවරු ආශිර්වාද කරති. එයද සිතේ තබාගන්න.)

- පොදුවේ සුමන සමන් දෙවියන්ට වන්දනා කල යුතු දිශාව උතුරු දිශාවයි.
- දිනය සඳුදාය.
- සුදු පැහැති මල් වඩාත් සුදුසුය.

 මූලිකව වැදගත් වන්නේ "සුමනසමන් දෙවියන්ගේ නාමයෙන් ශ්‍රී පාද පද්මයට පූජා වේවා " කියා එම පූජාවන් කිරීමයි.


- සුමනසමන් දෙවියන්ට වදින ගාථාවක්

බුද්ධ ධම්ම සංඝරත්න පූජාවේ පින් බලයෙන්
සිතෙහි උපන් සතුට නැමති සාගර පරතෙරට පැමිණි
සමන් සුරිඳු ආතුරහට නිති රැකවරණය උදෙසා
නමදිමි පා පියුම් සදා - ආයුෂ සම්පත් දේවා.





7 comments: